IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


‘කළු කොඩයි’ කූඹියෝ නාඋල ගොවීන්ට පහරදෙති

(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක පැතිර යන ‘කළු කොඩයි’ ලෙස හැඳින්වෙන කූඹි විශේෂයක් හේතුවෙන් ගොවීහු මහත් අපහසුතාවට පත්ව සිටිති.
 
ශාකවල කූඩු ඉදිකර ගනිමින් දහස් ගණනක් බිත්තර දමා රැඳී සිටින කළු කොඩයි හේතුවෙන් වගා රැසක අස්වනු නෙළීමට නොහැකිව, මෙම කූඹීන්ගේ පහරකෑමට ලක්ව ඇති බව ගොවීහු කියා සිටිති.
 
වර්ෂා සමයට ඔරොත්තු දිය හැකි පරිදි සිය නිවාස තනා ගැනීම සඳහා මොවුන් තේක්ක, කජු වැනි ශක්තිමත් ශාක යොදා ගන්නා බවද,  අඹ, පේර, ගස්ලබු වැනි ශාකවලද, කූඹි විශේෂය බෝංචි, මෑ, කරල්, වැටකොළු ආදී වගාවලට ද පැතිර යමින් පවතින බවද නාඋල  ගොවීහු කියා සිටිති.
 
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරු කියාසිටියේ මෙම කුඹි විශේෂයෙන් වගාවන්ට හානි සිදුනොවන බැවින්, අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි. විවිධ කෘමීන් ආහාරයට ගනිමින් ජීවත්වන මෙම කූඹි විශේෂය සතුරාට කණ්ඩායම් වශයෙන් පහදීම් සිදුකරන බවත් ඔවුහු පැවැසූහ.



අදහස් (0)

‘කළු කොඩයි’ කූඹියෝ නාඋල ගොවීන්ට පහරදෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site