(කේෂර ගුණතිලක)
මොනරාගල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක පාපුවරුවෙන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයකු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල කුඹුක්කන 14 කණුව පන්සල අසල පදිංචිව සිටි ඥානප්‍රකාශ් නෙරංජන් (17) නැමති තරුණයෙකි.
මියගිය අය බස් රථයෙන් බැසීමට පාපුවරුවට පැමිණි අවස්ථාවේ බසයෙන් බිමට වැටීමෙන් බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මහියංගනය ප්‍රදේශය පසු කරමින් යන විට මියගොස් ඇත.
මියගිය අයගේ මෘත දේහය මහියංගනය මූලික රෝහලට බාරදී තිබෙන අතර අද (26) මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
බස්රථයේ රියැදුරු මොනරාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පාපුවරුවෙන් වැටී තරුණයා මරුට