IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අලුතින් කාපට් ඇතිරූ මාර්ගයක ලොරි ධාවනය වීමෙන් හානී වී යැයි විරෝධතාවක්

(මොහොමඩ් බුහාර්ඩින්)
කාපට් අතුරා ප‍්‍රතිසංස්කරණය කරමින් පවතින ගලේවෙල පට්ටිවෙල මානහිද මාර්ගය වසා ඇති අවස්ථාවක අද ( 22 ) අලූයම අනවසරයෙන් එහි තේක්ක කොට පැටවු ලොරි රථ කිහිපයක් ධාවනය කිරිම නිසා මාර්ගයට හානි සිදුවි ඇතැයි  කියමින් ප‍්‍රදේශවාසීහු රථ හරස්කර නවතා සිය විරෝධය කළහ.
 
දිගු කලක සිට අබලන්ව පැවති ගලේවෙල පට්ටිවෙල මානහිද මාර්ගය ගලේවෙල ප‍්‍රදේශිය සංවර්ධන කමිටු සම සභාපති පි‍්‍රයාන් විජේරත්න මහතා මැදිහත්විමෙන් වත්මන් රජයේ කි‍්‍රයාත්මක රන් මාවත් වැඩසටහන යටතේ පසුගිය ජුලි 14 දා මුල්ගල තබා වැඩි ආරම්භ කරනු ලැබිය.
 
ඒ අනුව පසුගිය 17 දා  සිට මෙම 23 දා දක්වා මෙම මාර්ගය වසා දමා  කිලෝමීටර් 4ක කොටස්  කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු සිදුවෙමින් පැවතිණි.
 
අද  22 දා අලූයම තෙක්ක කොට තොගයක් කොළඹට ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථ 2 ක් මෙම මාර්ගයේ වසා දමා ඇති බාධක කවුලූ ඉවත්කර 22 දා රාති‍්‍රයේ කාපට් අතුරා තිබු කොටස වෙලෙන්නට මත්තෙන් මේ ඔස්සේ ධාවනය කරමින් සිට ඇති අතර ඒහිදි ප‍්‍රදේශවාසින් වහාම මාර්ගය මැදට පැන කොට පැටවු ලොරි රථ දෙක මාර්ගයේ ඉදිරියට ධාවනය නොකර නතර කර ඇත.
 
සිද්ධිය වු ස්ථානයට ප‍්‍රදේශවාසින්  රැස්විමත් සමඟ ලොරි රථ රියදුරන් හා ප‍්‍රදේශවාසින් අතර උණුසම් තත්වයක් ඇතිවු අතර සිද්ධිය සැළවිමත් සමඟ මෙම ස්ථානයට ගලේවෙල පොලිස් නිලධාරීහු පැමිණ පරික්ෂණ  පැවැත්වූහ.



අදහස් (0)

අලුතින් කාපට් ඇතිරූ මාර්ගයක ලොරි ධාවනය වීමෙන් හානී වී යැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site