IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි

(සිරංගිකා ‌ලොකුකරවිට) 
 
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (20)  පැවැති මාසික සභා රැස්වීම අවස්ථාවේ දී ජල බවුසර්  සම්බන්ධ මතු වූ ගැටළුවක්  හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සභා රැස්වීම හදිසියේ ම ඉදිරි සැප්තැම්බර් 17 වැනි දිනය දක්වා කල් තැබිණි.
 
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් ජල බවුසරයක් ලබා ගැනීම සඳහා ලිඛිතව හෝ දුරකථනයෙන් හෝ ඉල්ලීමක් කළ විට දින 07ක කාලයක දී මුදල් ගෙවීමේ සහන කාලයකට යටත්ව ජල බවුසරය ලබාදීම සුදුසු යැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත කේ.බටුවන්තුඩාව මහතාගේ යෝජනාවක් ඉදිරිපත්කළ අවස්ථාවේ දී මෙම තත්ත්වය පැන නැගිණි.
 
එහි දී සභාපති දිල්රුක් අබේකෝන් මහතා කියා සිටියේ ජල බවුසර් ණයට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නොහැකි බවයි.
 
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුගත් කලංසූරිය මහතා පසුගිය ඇසළ පොහෝ දිනයේ ගිංතොට ගම්වාසීන් විසින් පැවැත්වූ දේව දානයකට බවුසරයක් ලිඛිතව ඉල්ලා සිටිය දී එම බවුසර ලබා නොදී වෙනත් තැන් දෙකකට ජල  බවුසර ලබා දී ඇති බවයි. එම බවුසර ලබාදුන්නේ ලිඛිත ඉල්ලීමකටනම් එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ද මන්ත්‍රීවරයා විසින් දැනුම් දෙන ලදී.
 
 
සභාපති දිල්රුක් අබේකෝන් මහතා මේ අවස්ථාවේ දී පවසා සිටියේ දැන් එවැනි ලිඛිත සටහන් සභාවට ඉදිරිපත් කළ නොහැකි බවයි.
 
''දැන් මේ ලිපිගොනු සභාවට ගේන්න බැහැ. ඒවා ලබන සභා රැස්වීමට ඉදිරිපත් කරන්නම්. ලිඛිතව ඉල්ලන්න. එතකොට මම ඉදිරිපත් කරන්නම්."
 
මේ අවස්ථාවේ දී සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කොටසක් මේ අවස්ථාවේ දී එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලා සිටිය ද  සභාපතිවරයා සභාව කල් තැබීමට කටයුතු කළේය.
 
සභාව කල්තබන අවස්ථාව වනවිට න්‍යායපත්‍රයට ඇතුලත්ව තිබූ මන්ත්‍රී යෝජනාවලින් සාකච්ඡාවට ගෙන අවසන්ව තිබුණේ අටක් පමණි. කාරක සභා වාර්තා තුනක්  සහ ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශ එකතු කළ ආදායම් පිළිබද ප්‍රගති වාර්තා ද සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 330 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 614 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site