(ඩබ් ඒ පියතිලක)
මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ කැලේ දේවාලය අසන්නයේ මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළ මිනිසුන් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් හමුව ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.
යුදහමුදාව විසින් පුහුණුවකට මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළට ගමන් කරමින් සිටියදි ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමිටරයක් පමණ වනානතරය තුළ මෙම අස්ථි කොටස් දැක ඒ බව මින්නේරිය පොලිසියට දැනුම් දි තිබේ.
ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් නිරික්ෂණය කිරිමේ දි එම ස්ථානයේ මිනිසුන් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් සහ එම අස්ථි කොටස් අසන්නයේ සපත්තු යුගළ දෙකක් , අත් ඔර්ලොසු දෙකක් සහ ජංගම දුරකථන දෙකක් දක්නට ලැබි ඇත. පසුව පොලිසිය විසින් ආරක්ෂාව සපයා ඒ පිළිබද හිගුරක්ගොඩ දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් තුමා වෙත කරුණු වර්ථා කිරිම සිදු කල බවත් ඒ පිළිබද පරික්ෂා කිරිමට (21) දින එම ස්ථානයට මහෙස්ත්‍රාත් තුමා පැමිණිමට නියමිත බව මින්නේරිය පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කවුඩුල්ල පිවිසුමේ තිබී මිනිස් අස්ථි කොටස් හමු වෙයි