(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබූ බිළිඳෙකුගේ මළසිරුරක් අද (17) සොයාගත් බව හැටන් පොලිසිය පවසයි.
හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ කාසල්රී ජලාශයට එක් වන ස්ථානය වන දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේ මෙම බිළිඳු සිරුර පාවෙමින් තිබී හමුවී ඇත.
කාසල්රී ජලාශයේ ධීවර කටයුතු වල නියැලි සිටින ධීවරයන් විසින් ජලාශයේ පාවෙමින් තිබූ බිළිඳු මළසිරුර දැක ඒ පිළිබඳව හැටන් පොලිසියට දැනුම් දී ඇත.
උපන් විගසම බිළිඳාගේ මළ සිරුර දික්ඔය ඇළට දමන්නට ඇති බවත්, පසුගිය දින කිහිපයකින් සිරුර කාසල්රී ජලාශයට ගසාගෙන එන්නට ඇති බව සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි.
බිළිඳාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කාසල්රී ජලාශයේ බිළිඳු මළසිරුරක්