නිව්වැලි වත්තේ නාය යාමෙන් අවතැන්වූ 59 ක් තාවකාලික ස්ථානවලට කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේළියකට ඉහළින් වු පස් කන්ද තවදුරටත් අවදානමක් පවතින නිසා එම වතු නිවාස පේලියේ පදිංචි පවුල් 12 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු නොර්වුඩ් නිව්වැලිගම දෙමළ මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති බව එම වතු යායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය. 14 August 2019
වනඅලියකු පළවා හැරීමට තැත් කළ අයෙක් අලි පහරින් මරුට ඉදිගස්පොතාන ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු සිය නිවස ඉදිරිපිටදීම අද(14) අළුයම මියගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි. 14 August 2019
අඹන් ගඟේ මැණික් ගැරූ 11 පොලිස් දැලේ ඇළහැර අඹන් ගඟ රක්ෂිතයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී අඹන් ගඟේ ඉවුරු විනාශ කරමින් මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 දෙනෙකු අද (13) සවස අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි. 13 August 2019
කොළඹ බදුල්ල මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේ මේ වන විට දැඩි මීදුම් තත්ත්වයක් පවතින බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස හපුතලේ සහකාර පොලිස් අධිකාරීවරයා එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 13 August 2019
ගෝඨාභය පිළිගැනීමේ උත්සවයක් දඹුල්ලේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල නගරයේදී අද (13) සවස පැවැත්විණ. 13 August 2019
ලංගම බසයක ගැටී යතුරු පැදිකරුවෙක් මරුට බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඇල්ලේපොළ ප්‍රදේශයේ දී යතුරු පැදියක් ලංගම බස්රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යතුරු පැදිකරු අද(13) එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 13 August 2019
ව්‍යාජ නෝට්ටු යොදා සූදු කෙළියේ යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට පාසල් සිසුන් සඳහා වෙළඳසල්වල අලෙවි කරනු ලබන රුපියල් 5,000 නෝට්ටුවල ඡායා පිටපත් එකට අලවා සුදු පිටියක ඔට්ටු ඇල්ලූ තරුණයින් දෙදෙනෙකු අද(13) හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 13 August 2019
වෙළඳසැල් 2ක් කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි පාදුක්ක නගරයේ වෙළඳසැල් කිහිපයකට රාති‍්‍ර කාලයේ ඇතුළු වී භාණ්ඩ සොරකමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු මත්කුඩු සමග අද (13) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 13 August 2019
රන් අබරණ සොරා ගත් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ව්‍යාපාරික මිතුරා සමඟ සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් මිතුරා මහගෙදරට පිටත්ව යාමෙන් පසු මිතුරාගේ නිවස කඩා රුපියල් ලක්ෂ 4 කට ආසන්න රන් ආභරණ හා මුදල් සොරා ගත් හිටපු හමුදා සෙබළකු දින දෙකක් තුළ දී සොරා ගත් දේපල සමඟ අද (13) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 13 August 2019
මඩකලපුවේ උන්නිච්චි ජලාශය මුළුමණින්ම සිඳී යයි මඩකලපුවේ උන්නිච්චි ජලාශය දැඩි නියගයෙන් සිඳයාම හේතුවෙන් මඩකලපුව දිසාවේ ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බවත්, ජලාශයේ ධීවර කටයුතුවල යෙදී සිටින පවුල් 250 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බවත් ධීවරයෝ පවසති. 13 August 2019
පැලට කඩාවැදුණු වන අලියාගේ පහරින් ගොවියෙක් මරුට දිඹුලාගල බදනාගල වෙල් යායේදි අද(13) අලුයම වන අලියෙකු පහරදීමෙන් ගොවියෙකු මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි. 13 August 2019
ලක්ෂ 15 ක මුදල් සොරා ගත් අයෙක් අත්අඩංගුවට ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල් හා තොග වෙළඳසැල් වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදල් සොරා ගත් දිවයිනේ නමගිය අපරාධකරුවෙකු මිල්ලනිය රද්දේගොඩ ප්‍රදේශයේ දී අද (13) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 13 August 2019
ත්‍රිරෝද රථ දෙකක් ගැටී 3 ක් රෝහලේ තලාතුඔය මාරස්සන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් මුදුනකඩේ ප්‍රදේශයේදී අද (12) මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 12 August 2019
මන්නා පහර දී පුද්ගලයකු ඝාතනය කරයි බේරුවල කරදගොඩ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් මන්නා පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය කියයි. 12 August 2019
පස් කඳු කඩා වැටී වතු නිවාස හතරකට හානි - 2ක් රෝහලේ හැටන් දික්ඔය ඔටරි වතුයායේ වතු නිවාස දෙකක් සහ දිඹුල පොලිස් වසමට අයත් කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස දෙකක් මතට අද(08) පස් කඳු කඩාවැටීමෙන් නිවාසවලට අලාභ හානි සිදුවී ඇතැයි හැටන් පොලිසිය පැවසීය. 12 August 2019
මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනය ඇනහිටී මස්කෙළිය ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (12) අහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක පමණ කාලයක් ඇන හිට තිබූ බව නල්ලතන්නිය පොලිසිය පැවසීය. 12 August 2019
බීඩිකොළ කිලෝ 461ක් ඕලුතුඩායි වෙරළ තීරයෙන් සොයාගනී නාවික හමුදාව විසින් අද ( 12) අලුයම මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 461.7 ක් සොයා ගෙන ඇත. 12 August 2019
දිනකදී කොළඹට කසළ මෙට්‍රික්ටොන් 600 ක් කොළඹ නගරයේ සහ තදාසන්න නගරවලට දෛනික අවශ්‍යතා වෙනුවෙන් පැමිණෙන ජනතාවගෙන් එක් පුද්ගලයකු අවම වශයෙන් කසළ ග්‍රෑම් 700 ක් 750 ක් පමණ රැගෙන එන බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 12 August 2019
බලධාරීන් අලිවැට නඩත්තු නොකළැයි ගම්වාසීහු වීදි බසිති මැදිරිගිරිය දම්සෝපුර ගම්මානයේ වසරක කාලයක් තුළ වන අලි පහරදීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවත්, එසේවීමට ප්‍රධාන හේතුව වනජීවී නිලධාරීන් අලිවැට නිසි ලෙස නඩත්තු නොකිරීම බවත් පවසමින් ගම්වාසීහු පිරිසක් අද(12) විරෝධතාවක නිරතවූහ. 12 August 2019
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහු උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ. 12 August 2019
තඹුත්තේගම ගොවීහු දින 19 ක උපවාසය අත්හරිති තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිටඅඛණ්ඩව දින 19 කට වැඩිකාළයක් උපවාසයේ යෙදුණ ගොවීහූ උපවාසය අත් හැරීමට අද (12) දහවල් කටයුතු කළහ. 12 August 2019
කෝටියක කේරළ ගංජා සමඟ 3ක් අල්ලයි කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 79, ග්‍රෑම් 900ක් සමඟ පුද්ගලයින් තිදෙනකු අද(12) උදෑසන කන්කසන්තුරය, කීරමලේ වෙරළ තීරයේදී අත්අඩංගුවටගත් බව යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි. 12 August 2019
කොටගල නිවාස කිහිපයක් වතුරෙන් යට වෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට අද (12) උදැසන සිට පවතින අධික වර්ෂාවත් සමඟ කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ නිවාස පහක් ජලය යටවී තිබේ. 12 August 2019
ගවයින් රැගෙන ඒමට ගිය අයකු වන අලි පහරකින් මරුට කොටවෙහෙර කුදිරාවාලිය ප්‍රදේශයේදී වන අලියකු පහර දී අද(12) පුද්ගලයකු මියගොස් ඇතැයි කොටවෙහෙර පොලිසිය පවසයි. 12 August 2019
මිය ගිය වන අලියකුගේ සිරුරක් හබරණ වෙලක මියගිය වන අලියෙකුගේ සිරුරක් අද (12) හබරණ, අලුත්ඔය ප්‍රදේශයේ වෙල් යායක තිබී හමුවූ බව වනජීවී නිලධාරීහු කියති. 12 August 2019
මත්ගුලි ගෙන ගිය සිව්දෙනාට ඇප ගංජා හා අබිං මිශ්‍ර මත් ගුලි විශේෂයක් රැගෙන බිබිල මහියංගන මාර්ගයේ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් සිව්දෙනෙකුට ඇප නියම කළ මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා ඔවුන්ව යළි අගොස්තු 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස නියෝග කළේය. 12 August 2019
කන්දෙනුවර වතුයායේ උද්ඝෝණයක් මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් කන්දෙනුවර වතුයායේ වතු කාර්යාලය කරගහලන්ද ප්‍රදේශයට රැගෙනයාට විරෝධය දක්වමින් එහි සේවකයෝ අද (12) විරෝධතාවක නිරතවුහ. 12 August 2019
බෝගසක් කපාදැමුවැයි භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට ඇල්ල නාවෙලගම ගොඬේවත්ත ශ්‍රී බෝධිරුක්කාම මෙහෙනි ආරාමයේ තිබූ බෝගසක් කපා දැමීම සම්බන්ධයෙන් භික්ෂූන්වහන්සේ නමක් අද (12) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 12 August 2019
වන අලියකු පහරදී අයෙක් මරුට මැදිරිගිරිය, මහතළාකොළවැව දමිසෝපුර ප්‍රදේශයේදී අද(12) අලුයම වන අලියකු පහරදී පුද්ගලයකු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 12 August 2019
වැලි ලොරියක් අඩි 300ක ප්‍රපාතයකට - දෙදෙනෙකුට බරපතලයි බෙරගල වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් වැලි ලොරියක් අද (11) දින රාත්‍රී 8.30 ට පමණ පහළ විහාරගල ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව හපුතලේ පොලිසිය කියයි. 11 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025