IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


වනඅලියකු පළවා හැරීමට තැත් කළ අයෙක් අලි පහරින් මරුට

(දයාරත්න ඇඹෝගම)
 
ඉදිගස්පොතාන ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු සිය නිවස ඉදිරිපිටදීම අද(14) අළුයම මියගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ ඉදිගස්පොතාන, තන්තිරිමලේ පදිංචිව සිටි එස්.නිමල් නැමති 65 හැවිරිදි සිව්දරු පියෙකි.
 
මියගිය පුද්ගලයා සිය නිවස ඉදිරිපිටට පැමිණි වන අලියා පලවා හැරීමට ගිය අවස්ථාවේදි අලියා ඔහු පසුපස ලුහුබැඳ ඇතැයි පොලිසිය කියයි.වන අලියා ගෙන් බේරීමට දිව ගිය පුද්ගලයා ගෙවත්තේ අඹ ගසක මුලක ගැටී බිම ඇද වැටී ඇත. එම අවස්ථාවේදි වන අලියා ඔහුට පහරදී කකුලකින් පාගා ඇති අතර ඔහු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් තන්තිරිමලය පොලිස් නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

වනඅලියකු පළවා හැරීමට තැත් කළ අයෙක් අලි පහරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 99 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site