IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙළඳසැල් 2ක් කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි)
 
පාදුක්ක නගරයේ වෙළඳසැල් කිහිපයකට රාති‍්‍ර කාලයේ ඇතුළු වී භාණ්ඩ සොරකමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු මත්කුඩු සමග අද (13) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 
 
පාදුක්ක පොලිසියට අනුයුක්ත පොලිස් බුද්ධි නිලධාරියෙකු ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයෙකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම සොරකම් පිළිබඳව අනාවරණය වූ බවත් එම තොරතුරු අනුව සොරකම්වලට සහයෝගය දැක් වු තවත් පුද්ගලයෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
 
මෙම සැකකරුවන්  පාදුක්ක නගරයේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසලකින් දුරකථන, රථ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් රුපියල් 80,000ක් පමණ වටිනා වාහන බැටරි සහ නිවසකින් රුපියල් 20,000ක මුදලක් සොරාගෙන ඇත.
 
සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත් කුඩු මිලි ග‍්‍රෑම් 1200 ක්ද තිබූ බවද පොලිසිය පවසයි.
 
සැකකරුවෝ පාදුක්ක සහ මිරියගල්ල ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෝ වෙති.
 
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වෙළඳසැල් 2ක් කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32426 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14922 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9895 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 386 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site