(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය මාරස්සන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් මුදුනකඩේ ප්‍රදේශයේදී අද (12) මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු එකයි මාස දෙකක පමණ කුඩා දරුවෙකු හා අබාධිත පුද්ගයෙකුද වන අතර වයස අවුරුදු 50 ක පමණ කාන්තාවක් ද සිටින බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් තලාතුඔය ගොඩොම්පිටිය හා මහමැදගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd