(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොටවෙහෙර කුදිරාවාලිය ප්‍රදේශයේදී වන අලියකු පහර දී අද(12) පුද්ගලයකු මියගොස් ඇතැයි කොටවෙහෙර පොලිසිය පවසයි.
මෙසේ වන අලි පහරදීමෙන් මරණයට පත්ව ඇත්තේ කොටවෙහෙර තඹරඹුව ඉහළගම පදිංචි ජේ. ඒච්. එම්. විමලසේන නැමති 54 වියති අවිවාහකයෙකි.
ගවයින් බැඳ තිබූ කුදිරවාලිය කැලෑබද ස්ථානයට ගමන් කරමින් සිටියදී වන අලියා මෙම පුද්ගලයා පසුපස එළවමින් දරුණු ලෙස පහර දී මරා දමා තිබූ බව පොලිස් නිලධාරීන් කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
කොටවෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd