(රොමේෂ් මධුෂංඛ)
නාවික හමුදාව විසින් අද ( 12) අලුයම මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 461.7 ක් සොයා ගෙන ඇත.
උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 09 ක තිබූ මෙම බීඩි කොළ කිලෝග්‍රෑම් 461.7 ක් සොයා ගැනීමට සමත් වී තිබේ.
මෙම බීඩි කොළ තොගය වෙරළට ගොඩගසා තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර සැකකරුවන් අදාල බීඩි කොළ තොගය දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටි.
ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 28000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බීඩිකොළ කිලෝ 461ක් ඕලුතුඩායි වෙරළ තීරයෙන් සොයාගනී