(ඩී.කේ.රත්න)
ඇල්ල නාවෙලගම ගොඬේවත්ත ශ‍්‍රී බෝධිරුක්කාම මෙහෙනි ආරාමයේ තිබූ බෝගසක් කපා දැමීම සම්බන්ධයෙන් භික්ෂූන්වහන්සේ නමක් අද (12) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
එම මෙහෙනි ආරාමයේ වැඩවෙසෙන භික්ෂුණියක විසින් ආරාමයේ තිබූ බෝධියක් කපා ඉවත් කරන ලෙස ජනතාවට කලක පටන් පවසා ඇතත් ජනතාව ඊට විරුද්ධවීම හේතුවෙන් කටුගස්තොට ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ගෙන්වා මෙම බෝධිය කපා දමා තිබේ.
බෝධිය කපා දැමීමත් සමග ප‍්‍රදේශවාසී ජනතාව දැඩි නොසන්සුන්තාවයකට පත්වී මේ පිළිබඳව පොලිස් හදිසි දුරකථන අංකයට දැනුම්දීමෙන් පසු ඇල්ල පොලීසියේ නිලධාරීන් මෙම භික්ෂුන් වහන්සේව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ භික්ෂූව බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd