IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


බෝගසක් කපාදැමුවැයි භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)

ඇල්ල නාවෙලගම ගොඬේවත්ත ශ‍්‍රී බෝධිරුක්කාම මෙහෙනි ආරාමයේ තිබූ බෝගසක් කපා දැමීම සම්බන්ධයෙන් භික්ෂූන්වහන්සේ නමක් අද (12) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
 
එම මෙහෙනි ආරාමයේ වැඩවෙසෙන භික්ෂුණියක විසින් ආරාමයේ තිබූ බෝධියක් කපා ඉවත් කරන ලෙස ජනතාවට කලක පටන් පවසා ඇතත් ජනතාව ඊට විරුද්ධවීම හේතුවෙන් කටුගස්තොට ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ගෙන්වා මෙම බෝධිය කපා දමා තිබේ.
 
බෝධිය කපා දැමීමත් සමග ප‍්‍රදේශවාසී ජනතාව දැඩි නොසන්සුන්තාවයකට පත්වී මේ පිළිබඳව පොලිස් හදිසි දුරකථන අංකයට දැනුම්දීමෙන් පසු ඇල්ල පොලීසියේ නිලධාරීන් මෙම භික්ෂුන් වහන්සේව අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගනු ලැබූ භික්ෂූව බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බෝගසක් කපාදැමුවැයි භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 99 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site