(නිමල් ජයරත්න)
දිඹුලාගල බදනාගල වෙල් යායේදි අද(13) අලුයම වන අලියෙකු පහරදීමෙන් ගොවියෙකු මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
පැල් රැකීමට ගොස් සිටියදී මෙලෙස වන අලි ප‍්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ බදනාගල පදිංචි 53 වියැති තිදරු පියෙකු වන ආර්.ජී.පේ‍්‍රමරත්න යන අයෙකි.
ඔහු තම කුඹුරේ වී වගාව වන අලින්ගෙන් රැක ගැනීමට ඊයේ(12) රාත‍්‍රීයේ පැලට ගොස් ඇතැයිද එහි සිටින අතරතුර කඩා වැදුණු වන අලියෙකු ඔහු පිටුපස පන්නා පහර දී ඇතැයි අනාවරණය වී තිබේ.
කුඹුරේ ලියද්දක තිබී මෙම මළ සිරුර හමුවී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධ අරලගංවිල සහ සිරිපුර පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd