(නිමල් ජයරත්න)
දිඹුලාගල බදනාගල වෙල් යායේදි අද(13) අලුයම වන අලියෙකු පහරදීමෙන් ගොවියෙකු මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
පැල් රැකීමට ගොස් සිටියදී මෙලෙස වන අලි ප‍්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ බදනාගල පදිංචි 53 වියැති තිදරු පියෙකු වන ආර්.ජී.පේ‍්‍රමරත්න යන අයෙකි.
ඔහු තම කුඹුරේ වී වගාව වන අලින්ගෙන් රැක ගැනීමට ඊයේ(12) රාත‍්‍රීයේ පැලට ගොස් ඇතැයිද එහි සිටින අතරතුර කඩා වැදුණු වන අලියෙකු ඔහු පිටුපස පන්නා පහර දී ඇතැයි අනාවරණය වී තිබේ.
කුඹුරේ ලියද්දක තිබී මෙම මළ සිරුර හමුවී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධ අරලගංවිල සහ සිරිපුර පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කරති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පැලට කඩාවැදුණු වන අලියාගේ පහරින් ගොවියෙක් මරුට