විශ්‍රාමික විදුහල්පති මැරූ සැකකරු රිමාන්ඩ් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවෙකු මේ මස ( 22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (8) නියෝග කළේය. 08 August 2019
පොලිස් නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයෙක් යළි රිමාන්ඩ් බලන්ගොඩ පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරීයෙකුගේ රාජකාරියට බාධා කරමින් පහර දුන් සැකකරුවෙකු මේ මස ( 22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08) නියෝග කළේය. 08 August 2019
ලිඳුල වතු නිවාසයක් ගිනි ගනී තලවකැලේ, ලිඳුල, හෙන්පෝල්ඩ් වත්තේ වතු නිවාසයක් ගිනි ගැනීමට ලක්ව අද (8) විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 08 August 2019
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේදීම අද (8) යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. 08 August 2019
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලයේ දීමනාව අඩුකරලා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල පැය විසි හතර පුරා සේවය කරන කාර්ය මණ්ඩලවලට මෙතෙක් කල් ගෙවන ලද දීමනා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශාල වශයෙන් අඩුකර ඇති බවට එම නිලධාරීහු මැසිවිලි නගති. 08 August 2019
සුළඟින් පුත්තලමේ පාසල් - නිවාස රැසකට හානි පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (8) අලුයම හමා ගිය දැඩි සුළි සුළං තත්වයක් හේතුවෙන් පාසලකට හා නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 08 August 2019
ගින්නකින් වෙළෙඳසලක් මුළුමනින්ම විනාශයි කොළොන්න කෑල්ලගම හන්දියේ අද (08) අලූයම ඇතිවූ ගින්නකින් වෙළදසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී එහි බිම් මහලේ තිබූ නිවසින් අඩක්ද ගින්නට හසුව හානිවී ඇති බව කොළොන්න පොලීසිය පවසයි. 08 August 2019
වැස්සෙන් මාතලේ නිවාස 53 කට හානි වැසි සමග හමා ගිය තද සුළං හේතුවෙන් මාතලේ ප්‍රදේශ කිහිපයක (08) උදෑසන වන විට නිවාස 53 කට හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 08 August 2019
කැලණිවැලි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි - ගමන්වාර ප්‍රමාදයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අද(08) උදෑසන එම මාර්ගයේ ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර පැය කිහිපයක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි. 08 August 2019
විදේශ කටයුතු ජංගම සේවාව 17-19 අනුරාධපුරයේදී විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න, විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශ ජංගම කොන්සියුලර් සේවාවක් ලබන 17 සහ 19 දෙදින අනුරාධපුර සහ පුත්තලමේදී පැවැත්වේ. 07 August 2019
නිල්ගල රක්ෂිතයේ ගින්නක් බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය අද (07) ගිනි ගැනීමෙන් අක්කර සිය ගණනක ගිනිගෙන විනාශ වී තිබේ. 07 August 2019
මවුස්සාකැලේ ජලාශයට ඉස්සන් මුදා හරී ජාතික ජල ජිවී වගා සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව මවුස්සාකැලේ ජලාශයට මිරිදිය ඉස්සන් 260,000ක් අද (07) මුදා හරිනු ලැබීය. 07 August 2019
වැසි සහිත සුළඟෙන් නාච්චාදූවේ නිවාස රැසකට හානි නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කළුවිල ග්‍රාමය හරහා අද (07)දින හමා ගිය දැඩි සුළි සුළගකින් නිවාස සහ දේපොළ රැසකට දැඩි හානි සිදුවිය. 07 August 2019
මධ්‍යම ආණ්ඩුකාර වැඩ අරඹයි බස්නාහිර හා දකුණු පළාත් වලට වඩා මධ්‍යම පළාතේ සෞඛ්‍ය, අධ්‍යාපන හා සංචාරක ආදි ක්ෂේත්‍ර ගණනාවක් පහළින් තිබෙන බවත් මෙම තත්ත්වයෙන් ඉහළට මධ්‍යම පළාත ගෙන ඒමට සැමගේ කැපවීම අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 07 August 2019
මාතලේ සංවර්ධන නිලධාරීහු දිසාපති කාර්යාලය වටලති මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන්ට අන්තනෝමතිකව ස්ථාන මාරුවීම් ලබාදීමට විරෝධය දක්වමින් දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන නිලධාරීහු අද(07) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණ උද්ඝෝෂණක නිරතවූහ. 07 August 2019
වරෙන්තු පිට සැඟව සිටි අයෙක් අත්අඩංගුවට ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟව සිටි පුද්ගලයකු අද (7) දහවල් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් විසින් මීගහකිවුල ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් කන්දකැටිය පොලිසිය පවසයි. 07 August 2019
වවුනියාවේ ගවයින් බැලීමට ගිය අයියා මලෝට වලස් ප්‍රහාරයක් වවුනියාව, සන්නාසිපරන්තන් ප්‍රදේශයේ දී අද (6) වලස් ප්‍රහාරයකට ලක්ව සහෝදරයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වවුනියාව පොලීසිය පවසයි. 07 August 2019
ආරච්චිකට්ටුවෙන් මළ සිරුරක් සොයා ගනී ආරච්චිකට්ටුව කරුක්කුපනය මුහුදු වෙරළේ තරුපහේ හෝටලයට මීටර් 500ට නුදුරින් නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (7) දහවල් සොයා ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 07 August 2019
කිඹුලකු සපා කෑමෙන් පුද්ගලයෙක් රෝහලේ නෑගම්පහ මුස්නව වැවේ මාළු ඇල්ලීමට දැළක් එලමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකුගේ සපාකෑමට ලක් වී තුවාල ලබා රෝහල් ගතකර ඇත. 07 August 2019
උඩදොම්පෙ රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි හාලිඇල නගරය ආසන්නයේම පිහිටි උඩදොම්පෙ රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 50 ක් පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි. 07 August 2019
වන අලියාගේ පහරින් වනජීවී නියාමක මරුට මහව රක්ෂිත කැලයක තුවාල ලබා සිටි ’’කරපටියා’’නැමති අලියාට ප්‍රතිකාර කිරීමට ගිය නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ නියාමකවරයෙකු එම අලියා පහර දීමෙන් මරණයට පත්ව ඇති බව නිකවැරටිය වනජීවි කාර්යාලය පවසයි. 07 August 2019
බන්ධනාගාර නියාමකවරයකුගේ ගිනි අවිය හදිසියේ පත්තුවීම ගැන පරීක්ෂණ හම්බන්තොට අධිකරණය අසළදී අද (07) බන්ධනාගාර නියාමකවරයෙකුගේ ගිනි අවියක් හදිසියේ පත්තු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව හම්බන්තොට පොලිසිය පවසයි. 07 August 2019
ලක්ෂ 7ක බුරුත දැව කඳන් සමඟ 3ක් අල්ලයි වවුනියාව, සේමමඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත දැවකඳන් පැටවූ කැබ්රථයක් සමඟ පුද්ගලයින් තිදෙනකු අද(07) අග්බෝපුර ඉදිකඩුව පාලම අසළදී අත්අඩංගුවටගත් බව මාමඩුව පොලිසිය කියයි. 07 August 2019
බස් රථයක ගැටී කාන්තාවක් මරුට කුමාරකන්දේදී, ගාල්ලේ සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක, මාර්ගයේ ගමන්ගත් කාන්තාවක අද (06) ගැටීමෙන් එම කාන්තාව සිද්ධිය සිදු වූ ස්ථානයේදීම මියගිය බව හික්කඩුව පොලිසිය කියයි. 06 August 2019
කටාර් වීසා කාර්යාලයට හිස් උණ්ඩයක් රැගෙන ගිය තරුණයෙක් පොලිස් දැලේ රාජගිරියේ පිහිටි වීසා නිකුත් කිරීමේ කාර්යාලයට ෂොට් ගන් වර්ගයේ ජීව උණඩයක් හා එම වර්ගයේ හිස් උණ්ඩයක් ලියකියවිලි සහිත බෑගයේ දමාගෙන ඇතුලු වීමට තැත්කළ තරුණයකු අද (06) පෙරවරුවේ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 06 August 2019
වෑන් - ලොරි අනතුරින් දෙදෙනෙක් මරුට වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේදී අද (06) හවස 6.30 ට පමණ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. 06 August 2019
මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ් සේවකයකු වශයෙන් සිට ප්‍රිස්කා නැමති ආයතනයක රුපියල් 470,720 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කර වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අයකු ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (6) නියම කළේය. 06 August 2019
උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලා බදුල්ලේදී පෙත්සමක් අත්සන් කරති බාහිර - අභ්‍යන්තර භේදයකින් තොරව සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අදාළ වගකිවයුත්තන් වෙත භාරදීම පිණිස පෙත්සමක් අත්සන් කිරීමේ වැඩ පිළිවෙලක් අද (06) බදුල්ල සේනානායක පිටියේදී ආරම්භ විය. 06 August 2019
නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවා විදුලි සැර වැදී මරුට නැගණිය සමඟ නිවස තුළ සෙල්ලම් කරමින් සිටි 13 හැවිරිදි දරුවකු විදුලිසැර වැදී මියගොස් ඇති බවට හොරණ මුලික රෝහලේ අද (6) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඉංගිරිය පොලිසිය කියයි. 06 August 2019
මිනීමැරී යැයි වසර 10 ක් හිරේ කතරගම ගලහිටිය ප්‍රදේශයේදි අතින් පයින් හා පොල්ලකින් පහරදී 31 හැවිරිදි විවාහක පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරද කරු වු තිදරු පියෙකුට වසර 10ක බර වැඩ සහිත සිර දඩුවමක් හා අගතියටපත් පාර්ශවයට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරන විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (06) නියෝග කළේය. 06 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025