IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වන අලියාගේ පහරින් වනජීවී නියාමක මරුට

(ප්‍රියානි මංගලිකා ) 
මහව රක්ෂිත කැලයක තුවාල ලබා සිටි "කරපටියා"නැමති අලියාට ප්‍රතිකාර කිරීමට ගිය නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ නියාමක වරයෙකු  එම අලියා පහර දීමෙන්  මරණයට පත්ව ඇති බව නිකවැරටිය වනජීවි කාර්යාලය පවසයි.

අනතුරින්  මරණයට පත්ව ඇත්තේ මීගලෑව, පදවිගම පදිංචි බී.එම්.එස්.බස්නායක (38)නැමති දෙදරු පියෙකි.
 
පස්වරු 6.00  ට පමන සිදුවු අනතුරින් පසුව,තුවාල ලැබු නියාමක වරයා මහව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බවද වනජීවි කාර්යාලය පවසයි.
 
මෙම දැවැන්ත අලියා තුවාල ලබා මෙම රක්ෂිතයේ සිටින බවට මහව වන සංරක්ෂණ නිලධාරීන්  කළ   දැනුම් දීමකට අනුව, ප්‍රතිකාර සඳහා නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ වෛද්‍ය වරයා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එහි ගිය අවස්ථාවේ නියාමකවරයා මෙම අනතුරට ලක්ව ඇත.

නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්  සහ  වන සංරක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් එක්ව, තුවාල ලබා සිටින අලියා සොයමින් රක්ෂිතය නීරීක්ෂණය කරමින් සිටින අවස්ථාවේ සැඟවී සිටි අලියා නියාමකවරයාට පහර දී ඇත.

 මියගිය නියාමකවරයාගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය අද (07)දින සිදු කිරීමට නියමිතව තිබුණි.

(ඡායාරූපය -කුෂාන් ජයවර්ධන ) 
 

 



අදහස් (0)

වන අලියාගේ පහරින් වනජීවී නියාමක මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site