IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිනීමැරී යැයි වසර 10 ක් හිරේ

(දිලීප් ජයසේකර)

කතරගම ගලහිටිය ප්‍රදේශයේදි අතින් පයින් හා පොල්ලකින් පහරදී 31 හැවිරිදි විවාහක පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරද කරු වු  තිදරු පියෙකුට වසර 10ක බර වැඩ සහිත සිර දඩුවමක් හා අගතියටපත් පාර්ශවයට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරන විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (06) නියෝග කළේය.

මෙලෙස දඩුවම් නියම වුයේ දියවර ගම්මානය,ගලහිටිය,කතරගම පදිංචි ලියනාරච්චිගේ විල්සන් නැමති පනස් හය හැවිරිදි තිදෙරු පියෙකුටය.

සැකකරු 2003.02.20 වන දින කතරගම ගලහිටියදී අක්කර 20,පරණ කරවිලේ පාර,සෙල්ලකතරගම ලිපිනයේ පදිංචිව සිටි 31 හැවිරිදි විවාහකයෙකු වු මනිසෙට්ටි රාමසාමිගේ බාලක්‍රිෂ්ණන් නොහොත් රාජා නැමැත්තාට අතින් පයින් හා පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

සැකකරු සිදුකල පහරදිම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි බාලක්‍රිෂ්නන් ප්‍රථිකාර සදහා කතරගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා මාතර මහ රෝහල වෙතඉ මාරු කර යවා තිබුණි.එහිදී ප්‍රථිකාර ලබමින් සිටියදී බාලක්‍රිෂ්ණන් 2003.02.22 වන දින මරණයට පත්ව තිබේ.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් කතරගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවටගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධානාගර ගත කෙරුණි.

ඉන් පසු සැකකරුට එරෙහිව නිතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණයේ නඩු පැවරූ අතර වසර 16 කට පසුව සැකකරුට එරෙහිව නගා තිබු චෝදනාවට සැකකරු වැරදිකරු බවට පත්විය.ඒ අනුව ඉදිරිපත් වු සාක්ෂි සියල්ල සළකා බැළු හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා සැකකරුට වසර 10ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර  රුපියල් 25000ක දඩ මුදලක්ද නියම කෙරුණි.

 එය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක් සිර දඩුවමක්ද නියම කෙරුණි.ඊට අමතරව මියගිය බාලක්‍රිෂ්නන්ගේ මවට හා බිරිදට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කල මහාධිකරණ විනිසුරු වරයා එය නොගෙවන්නේ නම් සැකකරුට තවත් වසර 05ක සිර දඩුවමක් නියම කෙරුණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගයාන් පෙරේරා මහතා පෙනිසිටියේය.



අදහස් (0)

මිනීමැරී යැයි වසර 10 ක් හිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site