(සුමතිපාල දීයගහගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල පැය විසි හතර පුරා සේවය කරන කාර්ය මණ්ඩලවලට මෙතෙක් කල් ගෙවන ලද දීමනා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශාල වශයෙන් අඩුකර ඇති බවට එම නිලධාරීහු මැසිවිලි නගති.
ඒ අනුව විභාග මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයාට මෙතෙක් කල් ගෙවන ලද රුපියල් 1700 එක් දින දීමනාව රුපියල් 600 දක්වාද, සහකාර සම්බන්ධීකරණ නිලධාරිවරයාට ගෙවන ලද රුපියල් 1500 දීමනාව රුපියල් 500 දක්වාද, මධ්‍යස්ථාන සේවකයාට ගෙවන ලද රුපියල් 1000 දීමනාව රුපියල් 300 දක්වාද අඩුකර ඇති බව එම නිලධාරීහු පවසති.
මෙම තොරතුරු ඇතුළත් චක්‍ර ලේඛයක් විභාග කොමසාරිස් ජෙනරාල් ඩී. සනත් පුජිත මහතාගේ අත්සනින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කොමසාරිස් (මුදල් ) යන නිලධාරීන්ට යවා තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලයේ දීමනාව අඩුකරලා