(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන්ට අන්තනෝමතිකව ස්ථාන මාරුවීම් ලබාදීමට විරෝධය දක්වමින් දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන නිලධාරීහු අද(07) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණ උද්ඝෝෂණක නිරතවූහ.
2012 වසරේදී බදවා ගත් සංවර්ධන නිලධාරීන්ට ක්‍රමවේදයකින් තොරව බලධාරීන් විසින් අන්තනෝමතිකව ස්ථානමාරුවීම් ලබාදීමෙන් ඔවුන් අපහසුතාවට පත්වන බව පවසමින්, ලබාදී ඇති ස්ථානමාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේ සිට පා ගමනින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ ඔවුහු විරෝධය පළ කළහ.
මාතලේ මහ දිසාපති කුමාරසිරි පෙරේරා මහතාගේ නිල කාමරය අසළ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කොරිඩෝව තුළ මෙම පිරිස විරෝධතාවේ නිරතවූහ.
එම ස්ථානයට පැමිණි දිසාපතිවරයා නියෝජිතයින් කිහිපදෙනෙකුට ගැටලුව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසත්, අද බදාදා දිනයක් නිසා පැමිණ සිටින මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ඉඩ ලබාදී අනෙකුත් පිරිසට කාර්යාලයෙන් පිටවන ලෙස ද ඉල්ලා සිටියේය.
එම තීරණයට එකඟ නොවූ සංවර්ධන නිලධාරීන් සාකච්ඡාවක් ලබාදී මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන තුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැඳී සිටින බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන ලේකම් ප්‍රදීප් බස්නායක මහතා පැවසීය.
මෙම විරෝධතාවට 700ක පමණ පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් සංවර්ධනය කරලා තියෙන්නේ මොනවද ? මොකක්ද කියල දන්න කෙනෙක් කියනවද? 1999 සිටම මෙම කණ්ඩායම් රටේ සංවර්ධනය කරනවා නේද? කළානම් මේ රට සුරපුරක් කරන්න දැනට කාලය හොඳටම ඇති. කරන්න වැඩක් නැතිවට කරන වැඩ මේවා.