(හිරාන් ප්‍රියංනර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (8) අලුයම හමා ගිය දැඩි සුළි සුළං තත්වයක් හේතුවෙන් පාසලකට හා නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම හානි සිදුව ඇත්තේ පුත්තලම, කල්පිටිය, නවගත්තේගම, වනාතවිල්ලුව, ආණමඩුව යන ප්‍රදේශීය ලේකම් වසම් වලට බව කියයි.
අලුයම් කාලයේ පැවති අධික වර්ෂාවත් සමඟ මෙම සුළි සුළං තත්වය ඇති පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් .ආර්.එන්.කේ.අලහකොන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අද අලුයම තමා මේ දැඩි සුළං තත්වය ඇතිවී තිබෙනේ. මේ නිසා දළුව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ වහලය සම්පුර්ණයෙන් හානිවෙලා. ඒ සමගම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වුණා . එය මේ වන විට යථා තත්වයට පත්කලා නමුත් දැඩි සුළි සුළගින් නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක වහලට සුළං වලට ගසාගෙන ගොස් නිවාස වලට හා බඩු බාහිරාදියට විශාල හානි සිදුව තිබෙනවා. මේ තත්වය ගැන අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ග්‍රාම නිළධාරින් මේ වන විට වාර්තා ලබා ගනිමින් සිටිනවා . හානිය තවත් වැඩි විය හැකි බව අපිට දැන ගන්න ලැබෙන්නේ . කෙසේ නමුත් කඩිනමින් අදාළ කටයුතු සකසා දෙන්න උත්සහ කරනවා යැයි ඔහු පැවසිය.



2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුළඟින් පුත්තලමේ පාසල් - නිවාස රැසකට හානි