IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කටාර් වීසා කාර්යාලයට හිස් උණ්ඩයක් රැගෙන ගිය තරුණයෙක් පොලිස් දැලේ

(ඉන්දිකා රාමනායක)

රාජගිරියේ පිහිටි  වීසා  නිකුත් කිරීමේ කාර්යාලයට ෂොට් ගන් වර්ගයේ ජීව උණඩයක් හා එම වර්ගයේ හිස් උණ්ඩයක් ලියකියවිලි සහිත බෑගයේ  දමාගෙන ඇතුලු වීමට තැත්කළ  තරුණයකු අද  (06) පෙරවරුවේ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේ පදිංචි 25 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි.

මෙම තරුණයා  කටාර් රටට යාම සඳහා වීසා ලබා ගැනීමට මෙම  කාර්යාලයට පැමිණ ඇති අතර එහි ආරක්ෂක නිලධාරීන්  සැකකරු  රැගෙන ආ ලියකියවිලි සහිත බෑගය පරීක්ෂා කිරීමේ දී මෙම උණ්ඩ හා හිස් උණ්ඩය අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු බෑගයේ  උණ්ඩ හමුවීමත් සමඟ එහි ආරක්ෂක නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට හා විශේෂ කාර්ය බලකායට දැනුම් දී තිබුණි.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගොස් සැකකරුගේ බෑගය විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන පරීක්ෂා  කළ බවද  එම උසස් නිලධාරියා කීය.

මෙම ගමන් මල්ලේ නීති විරෝධී දුම්වැටි පැකට්ටුවක් ද තිබී ඇත.

සැකකරු 2017 වසරේ සිට කටාර් රාජයේ රැඳී සිට මීට දින 4 ට පෙර මෙරටට පැමිණ ඇති අතර,නැවතත් කටාර් වෙත යාමට වීසා ලබා ගැනීමට  පැමිණ සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

කටාර් රාජයේ සිට පැමිණීමට පෙර සැකකරු මාලදිවයිනේ ද මාස තුනක කාලයක් රැඳී සිට ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු සිදුකරන  ප‍්‍රකාශ පරස්පර හේතුවෙන් සහ  සැකකරු මුස්ලිම් රටවල නිතර නිතර සංචාරය කිරීමත් හේතුවෙන් ඇති සැකයක් අනුව සැකකරු වැලිකඩ පොලිසියට බාර දී ඇත.

වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි‍ෙ



අදහස් (0)

කටාර් වීසා කාර්යාලයට හිස් උණ්ඩයක් රැගෙන ගිය තරුණයෙක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32414 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site