(නිශාන්ත කුමාර)
ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟව සිටි පුද්ගලයකු අද (7) දහවල් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් විසින් මීගහකිවුල ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් කන්දකැටිය පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා පිටස්තර ප්‍රදේශයකින් පැමිණ මීගහකිවුල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 45 ක පමණ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් හා කන්දකැටිය පොලිසිය විසින් කාලයක් තිස්සේ සිදු කළ විමර්ශන කීපයකින් පසුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවකු සිටින අතර තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයෙක් බව අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් හා කන්දකැටිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වරෙන්තු පිට සැඟව සිටි අයෙක් අත්අඩංගුවට