(සනත් ගමගේ)
හම්බන්තොට අධිකරණය අසළදී අද (07) බන්ධනාගාර නියාමකවරයෙකුගේ ගිනි අවියක් හදිසියේ පත්තු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව හම්බන්තොට පොලිසිය පවසයි.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට සිරකරුවන් රැගෙන හම්බන්තොට අධිකරණය වෙත බන්ධනාගාර බස් රථයෙන් පැමිණි අවස්ථාවේ බස් රථයෙන් බැසීමට යාමේදී, බන්ධනාගාර නියාමකවරයාගේ ගිනි අවිය හදිසියේ පත්තු වී ඇති බව දැනට සිදුකළ පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය කියයි.
ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ දේපල හානි සිදුවී නැති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd