(විජේරත්න රත්නායක )
බාහිර - අභ්‍යන්තර භේදයකින් තොරව සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් අදාළ වගකිවයුත්තන් වෙත භාරදීම පිණිස පෙත්සමක් අත්සන් කිරීමේ වැඩ පිළිවෙලක් අද (06) බදුල්ල සේනානායක පිටියේදී ආරම්භ විය.
මෙම පෙත්සම අත්සන් කිරීම බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව මඟින් සිදුකරන අතර දිස්ත්‍රික්කය තුළ රැකියා විරහිත බාහිර උපාධිධාරීන් උපරිම පිරිසකගේ අත්සන් සහිතව එය බදුල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු අදාළ පාර්ශ්වයන් වෙත ඉදිරි දිනකදී භාරදීමට නියමිතය.
බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුවේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කෙරුණු අතර සමාජවාදී තරුණ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක අනිල් මංජුල මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක්ද ඊට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd