(සේනක බණ්ඩාර )
නෑගම්පහ මුස්නව වැවේ මාළු ඇල්ලීමට දැළක් එලමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකුගේ සපාකෑමට ලක් වී තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මෙසේ රෝහල්ගත ඇත්තේ මුස්නව නෑගම්පහ ලිපිනයේ පදිංචි ජී.එම්.ජී. රන්බණ්ඩා නැමැති 45 හැවිරිදි අවිවාහකයෙකි.
තුවාල ලබා රෝහල්ගත කර සිටින පුද්ගලයාගේ තත්ත්වය පිළිබඳව විමසු විට නෑගම්පහ රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරි එම්.ඒ. ජනිත්‍රී සදරිකා රූපසිංහ සිංහ මහත්මිය මෙසේ කීවාය.
'ඔහුගේ පාදයක සිදුවී තිබූ තුවාල හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සිදු කළා. එසේම ඔහුගේ තත්වය බරපතල නැහැ' යැයි ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd