IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලක්ෂ 7ක බුරුත දැව කඳන් සමඟ 3ක් අල්ලයි

(සිතුම් චතුරංග)

වවුනියාව, සේමමඩු රක්ෂිතයෙන් කපන ලද  බුරුත දැවකඳන් පැටවූ කැබ්රථයක් සමඟ පුද්ගලයින් තිදෙනකු අද(07) අග්බෝපුර ඉදිකඩුව පාලම අසළදී අත්අඩංගුවටගත් බව මාමඩුව පොලිසිය කියයි.
         
බුරුත දැව ජාවාරමක් සම්බන්ධයෙන් මාමාඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට  ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් බුරුත ගස් කපා දැවකඳන් කැබ්රථයක පටවා රැගෙනයමින් සිටියදී අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
         
කැබ්රථයේ තිබී දැව කඳන් 15 සොයාගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.
         
පොලිසිය පැවසූයේ සැකකරුවන් තිදෙනා පොලිසිය දැක දැව කඳන් පැටවූ කැබ්රථයෙන් පලායෑමට උත්සහ කිරීමේදී රථය පාලනය කරගැනීමට නොහැකිව ඉ`දිකඩුව පාලමේ ගැටී අනතුරට ලක්වූ බවයි.
         
දීර්ඝ කාලයක සිට සේමමඩු රක්ෂිතයේ සිට මෙලෙස දැවකඳන් කපා රැගෙන ගොස් ඇති බවත් එලෙස රැගෙන යන දැවකඳන් රහසිගත ලෙස යාපනය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරන බවත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවෝ වවුනියාව, පූන්තෝට්ටම් හා සේමමඩු ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 33 අතර වයසේ පසුවන්නෝ වෙති.

සැකකරුවන් වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  


 



අදහස් (0)

ලක්ෂ 7ක බුරුත දැව කඳන් සමඟ 3ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site