(ඩී.කේ.රත්න)
වැල්ලවාය තණමල්විල ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේදීම අද (8) යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය හදපානාගල අලූගල්ගේ පාර ආදාවෙළයාය පදිංචි හේවා කම්කානංලාගේ රසික චමින්ද නැමති 34 හැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබේ.
මෙම පුද්ගලයා හදපානාගල සිය නිවසේ සිට උමාඔය ව්‍යාපෘතියේ සේවය සදහා වැල්ලවාය නගරය දෙසට තම යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී තනමල්විල ප‍්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ ඩිමෝ වර්ගයේ ලොරි රථයක් මාර්ගය හරහා හැරවීමට උත්සහ කිරීමේදී ලොරි රථයේ හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලවාය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd