IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

(ඩී.කේ.රත්න)
 
වැල්ලවාය  තණමල්විල ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේදීම අද (8) යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
 

වැල්ලවාය හදපානාගල අලූගල්ගේ පාර ආදාවෙළයාය පදිංචි හේවා කම්කානංලාගේ රසික චමින්ද නැමති 34 හැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරින්  මියගොස් තිබේ.
 
මෙම පුද්ගලයා හදපානාගල සිය නිවසේ සිට උමාඔය ව්‍යාපෘතියේ සේවය සදහා වැල්ලවාය නගරය දෙසට තම යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී තනමල්විල ප‍්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ ඩිමෝ වර්ගයේ ලොරි රථයක් මාර්ගය හරහා හැරවීමට උත්සහ කිරීමේදී ලොරි රථයේ හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.
 
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලවාය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව  පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site