(දයාරත්න ඇඹෝගම)
නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කළුවිල ග්‍රාමය හරහා අද (07)දින හමා ගිය දැඩි සුළි සුළගකින් නිවාස සහ දේපොළ රැසකට දැඩි හානි සිදුවිය.
නිවාස 12 කට අධික ප්‍රමාණයක් සහ ගරාජයක් සහ එහි තිබූ සියලුම වාහනද හානියට පත්ව ඇත.
නියගය හමාර කරමින් අනුරාධපුර ප්‍රදේශයට අද (07) වර්ෂාව ඇද හැලුණු අතර සමඟ මෙම සුළි සුළං තත්වය පැවතුණි. මෙම සුළි සුළං හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්න්ධි වු අතර පසුව විදුලි බල මණ්ඩලය විසින් විදුලි පද්ධතිය නැවත යථා තත්වයට පත් කොට තිබේ.
මෙම දැඪි සුළං තත්වය හේතුවෙන් දේපල වලට හානි සිදු වුවද පුද්ගලයන්ට අනතුරක් නොවු බවද හිදෝගම පොලිසිය සදහන් කලේය.
හානිවු නිවාස හා දේපල සේයාරැ වලින් දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd