(නිශාන්ත කුමාර)
වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගනු ලබන තුවක්කුවකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය හදිසියේ පත්තුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු අද(16) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කැටවත්ත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 47 පුද්ගලයෙකි.
වෙඩි වැදීමෙන් ඔහුගේ පපුව හා කන ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇත.
රෝගියාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd