IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


රිය අනතුරකින් 6 ක් රෝහලේ

(කාංචන කුමාර ආරියදාස)
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී  (18) පස්වරුවේ සිදුවූ  රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල  රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.
 

මෝටර් රථයක් යතුරුපැදි දෙකක් මෙසේ  අනතුරට පත්ව තිබේ.
 
දඹුල්ල දෙසින් අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්   බස් නැවතුම් පොළක නැවතී සිටිය පුද්ගලයන් දෙදෙනෙකුද යටකර ඊට මීටර් 100ක් පමණ දුරින් ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් යටකරගෙන තවත් මීටර් පනහක් පමණ දුරකින් නවතාගෙන යතුරුපැදියක රැඳී සිටි අයකුද යටකරගෙන මාර්ගයෙන් ඉවතට පැන පොල් ගහකට දී නැවතී ඇති බව පොලීසිය කියයි.
අනතුරත් සමග පොල් ගස ද බිමට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
 
මෙම අනතුර නිසා   දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල ප්‍රදේශයෙන් පැය කිහිපයක් දැඩි රථවාහන තදබදයක් පැවතිණි.
 
අනතුරින් තුවාල ලබා ඇති මෝටර් රථයේ පැමිණි තරුණියන් සිව් දෙනෙකු යතුරුපැදි දෙක සිටි පැදි කරුවන්  දෙදෙනා සහ බස් රථයට ගොඩවීම සඳහා පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙක් බව පොලිසිය කියයි.
 
තුවාලකරුවන්ගෙන් හතරදෙනෙකු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු අය ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් සිව් දෙනෙකු මෙම මෝටර් රථයේ ගමන් කොට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .මෙම පිරිස ඉතා දැඩි කලබලකාරී තත්ත්වයකින් පසුවූ බවත් පොලිසිය කියයි.
 
 මෝටර් රථයේ රියදුරු ගේ අපරික්ශාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි සිදු කරන මූලික පරීක්ෂණවලදී හෙළි වී යැයි ගලේවෙල පොලීසියේ රථවාහන අංශය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

රිය අනතුරකින් 6 ක් රෝහලේ

upali Sunday, 18 August 2019 04:32 PM

මෝටර් රථයේ තරුණියන් සිව් දෙනයි, තරුණයන් සිව් දෙනයි කොහොමද වාහනයේ ආවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32439 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14937 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site