IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ත්‍රිරෝදයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(ඡායාරූප හා සටහන -මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කඳපොළ පොලිස් වසමට අයත්, නුවරඑළිය-උඩුපුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ, කඳපොළ එස්කඩේල් ප්‍රදේශයේදී අද (17) ත්‍රීවීල් රථයක්  අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි එකම පවුලේ මව හා  පියා මිය ගොස් දරුවන් තිදෙනෙක් බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.

මෙසේ මිය ගොස් ඇත්තේ,  වලපනේ, මන්දාරම් නුවර, එළමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සැමියා හා බිරිඳ වන ටී.පී රූපසිංහ (50) හා රෝහිණී  කුමාරි (45) යන දෙදෙනාය. තුවාල ලබා සිටින දරුවන් අවුරුදු 06, 16 හා 19 වයස්වල පසුවන ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයින් දෙදෙනෙකි.

ත්‍රිරෝද රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව වැඩිදුර පරීක්ෂණ පවත්වන කඳපොළ පොලීසිය පවසයි.

මිය ගිය අයගේ මළසිරුරු නුවරඑළිය මහ රෝහලේ තැන්පත් කර ඇත.



අදහස් (0)

ත්‍රිරෝදයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site