(එෆ්.අස්ලම්)
ඌව පළාතේ වතු පාසල් 170ක නම් වෙනස් කිරීමට ගෙන ඇති තීරණයට අනුව ඌව පළාතේ දමිළ පාසල් 60ක නාමයන් ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංශෝධනය කර තිබේ.
යටත් විජිත සමයේ ආරම්භ කළ පාසල් ඇතුළු වතුකරයේ දමිළ පාසල් රැසක්ම නම්කර ඇත්තේ දමිළ සමාජයට නොගැළපෙන නාමයන් වීමත් දමිළ සමාජයේ ඉල්ලීම මත මෙම පියවර ගත් බවත් ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.
වතුකරයේ ඉදිකර ඇති පාසල් සියල්ලටම පාහේ යොදා ඇති නාමයන් ඉංග්‍රීසි බසට හා සිංහල බසට නැඹුරුව පැවතීමත් මෙහි නාමයන් වෙනස් කරන ලෙස දමිළ සමාජයෙන් දස වසරක සිට ඉදිරිපත්ව ඇති ඉල්ලීමත් සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඌව පළාත් අමාත්‍ය මණ්ඩලයට සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුව ඊට අවසර ලැබී ඇති අතර පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති පාසල් 170ක නාමයන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.
ඒ අනුව සරස්වතී කණිෂ්ඨ විද්‍යාලය - සරස්වතී සයිව ස්කූල් ලෙසත්,තෙල්බැද්ද දමිළ විද්‍යාලය - කම්බන් ටැමිල් ස්කූල් ලෙසත්,ග්ලේන් ඇල්පින් දෙමළ විදුහල - ශ්‍රී අම්බිගෙයි දමිළ විදුහල ලෙසත්,අයිස්ලැබ් දෙමළ විදුහල - ශ්‍රී ලක්ෂ්මී දෙමළ විදුහල නමිනුත් වෙනස් කර ඇත.
ඌව පළාතේ බදුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 18කත්, වියලුව කලාපයේ පාසල් 3 කත්,බණ්ඩාරවෙල කලාපයේ පාසල් 15කත්, පස්සර කලාපයේ පාසල් 12කත්, වැලිමඩ කලාපයේ පාසල් 4කත්, මොනරාගල බිබිල කලාපයේ පාසල් 5 කත් වශයෙන් පාසල් 60ක නාමයන් මේ වනවිට වෙනස් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌවේ දමිළ පාසල් 170 ක නම් සංශෝධනය කෙරේ