රංජිත් රාජපක්ෂ
මීට මාස 9 කට ප්‍රථම අතුරුදන් වූ තිදරු පියකුගේ සිරුරේ අස්ථි කොටස් අද (18) තේ වතුයායක තිබී හමු වූ බව බගවන්තලාව පොලිසිය පවසයි.
මෙසේ අස්ථි කොටස් හමු වී ඇත්තේ බගවන්තලාව කොටියාගල වත්තේ පහළ කොටසේ පදිංචි එස්.සෙල්වම් (45) වයසැති අයගේ අස්ථි කොටස්ය.
අතුරුදන් වූ අයගේ බිරිඳ සහ දරුවන් විසින් අස්ථි කොටස් තිබී හමු වූ ස්ථානයේ තිබු ඇඳුම් කොටස් වලින් මෙම අතුරුදන් වු අයෙගේ අස්ථි කොටස් බවද හඳුනාගෙන ඇත.
අතුරුදන් වූ අය භාවිතා කරන ලද ජංගම දුරකථනය ඔස්සේ බගවන්තලාව පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ජංගම දුරකථනය තවදුරටත් ක්‍රියාකාරි තත්ත්වයේ තිබීමෙන් එම දුරකථනය වර්තමානයේ භාවිතා කරන හිමිකරු ජංගම දුරකථනයේ ඉමි අංකය අනුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී එම ජංගම දුරකථනය තේ වතුයායේ තිබී අහුලාගත් බව සැකකරු පැවසිමෙන් පසු වතුයායේ කළ පරික්ෂාවකදී මෙම අස්ථි කොටස් සොයා ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
කොටියාගල වත්ත ප්‍රදේශයෙන් හමු වු අස්ථි කොටස් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු අස්ථි කොටස් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි අදාළ ස්ථාන වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අතුරුදන් වූ පියාගේ අස්ථි කොටස් තේවතු යායකින් හමුවෙයි