(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින තුනකට ඉහතදී අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුරක් මාවක් ඔයේ පාවෙමින් මාවක් ඔයේ පාවෙමින් තිබියදී අද(14) හමු වූ බව ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, පතංගල පුවක්වත්ත පදිංචිව සිටි රණසිංහ අප්පුහාමි නමැති 58 හැවිරිදි පස්දරු පියෙකි.
එම පුද්ගලයා රෝගයකින් පෙළෙමින් සිට ඇති අතර, ඔහු සාමාන්‍යයෙන් නිවසට නොකියා සහෝදරයාගේ නිවෙසට යන බවද, මීට දින 3කට පෙර නිවසින් පිටව ගිය බවද, ඒ හේතුවෙන් පොලිසියට මීට පෙර පැමිණිලි නොකළ බවද පවුලේ සාමාජිකයෝ පැවසූහ.
ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd