(කේ.බුද්ධික කුමාරසිරි)
මාතර පඹුරණ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිව වැඩවසන අතරතුර සිය විවාහක බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු සමඟ අතුරුගිරිය ප‍්‍රදේශයේ නිවසක දිවි ගෙවමින් සිටි චීවරධාරී පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පැවැසීය.
නිකිණි පොහොය යෙදුනු අද (14) දින සිය විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ වැඩ නොසිටීම පිළිබඳව විමසිලිමත් වූ එම විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත නවගමුව පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත එම පොලිස් නිලධාරීන් අතුරුගිරිය ප‍්‍රදේශයට ගොස් නිවසක් සෝදිසි කිරීමේදී සිවිල් ඇදුමින් සැරසී සිටි සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
සැකකරු අදාල මාතර පඹුරණ ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට යන විට සිවුරකින් සැරසී එහි ගොස් වැඩවසන බවත් අතුරුගිරියේදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමත් එම විහාරස්තානයේ දේපළ විකුණා ඇති බවත් දායක සභාවෙන් ලද පැමිණිලි මත සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් නවගමුව පොලිසිය පවසයි.
සැකකාර චීවරධාරියා කාන්තාවක් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන ඇති බවත් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත බාරදීමට නියමිත බව නවගමුව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ විකුණගත්තු එව්වගේ සල්ලි ආපසු ගෙවනවනම් අපහු පන්සලට එන්න කියන්න විවේක වෙලාවලට. කොච්චර උනත් අඹු දරුවොත් බලාගෙන යහපත් විදියට කාටවත් කරදරයක් නැතිව ඉන්න ඇතිනේ. දැන් ඉන්න අය කරන දේවල් බලපුවම මෙයා දාහෙන් සම්පතක් නේ? අනික බණ එහමත් හරියට දේශනා කරන්න ඇතිනේ පන්සලේ ඉන්න වෙලාවට. නේද? ඔය උන්නාන්සේලා කිව්වට, බණ පදයක් හරියට නොදන්නා, දේසපාලන රැස්වීමකට යනවා ඇරෙන්න පාන්ශකුලේකටවත් අල්ලගන්න බැරි, දානේ ගෙනාවම කුකුල් මස් නැතිද කියල අහන, , පන්සලේ උදවියට තුන්වෙනි සිල්පදේ ආදීනව යහමින් කියල දෙන, උන්නාන්සේලට වඩා මෙයා හොඳ නැතිද?
දායකයින් බැතිසිතින් සාසනයට පූජාකල් දේවල විකිණීමට හැකියාවක් තිබේද. මෙවැනි ඉඩකඩම් විකුණූවිට ඒවා මිළට ගන්නා පුද්ගලයා නමට ඔප්පු ලිවිය හැකිද. ඒවා ලියා පදිංචි කල හැකිද කිසිවෙකු සොයා බලන්නේ නැහැ. මෙහෙම ඔප්පු ලියා ගන්නා සමහරක් අය ඔප්පුව ලියා ගැනීමෙන් පසුව විහාරස්ථාන සමග නඩු කියන අවස්ථාත් තියෙනවා. මේවැනි වැරදි නිවැරදි කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය ගන්නා පියවර කුමක්ද. ඒ වාගේම තමයි සමහර හාමුදුරුවරුන් තමා අදහන දේශපාළුවන් කුමන ආගම ඇදහුවත් ඔහු දිනපතා පල්ලි ගියත් ඔහු නියම බෞද්ධයා ලෙසට සැලකීමත් .සසුන වෙනුවෙන් කොපමන සේවයක් කලත් තමා අදහන පාක්ෂිකයෙක් නොවේනම් ඔහු අබෞද්ධයෙක් කිරීමත් කරනවා. මේවා බුදු සසුනට සිදුවන හානි. මේවාට නොපමාව විසදුම් යෙදිය යුතුය
සද්ධාතිස්ස හාමුදුරුවනේ මේවා ගැනත් බලන්නකෝ .....
විහාරාධිපති කම රස්සාවකට කරපු බවකුයි පෙනෙන්නේ.
මෙව්වා මොනවද? රැකියා විරහිත උපාධිධාරින්ගේ උද්ඝෝෂණයේ මුලින්ම හිටියේ කවුද? අද නමට විතරක් මිනිස්සු බෞද්ධ වෙලා තියෙන්නේ මේ හින්දා. එක එක සංවිධාන වල අධ්‍යක්ෂ ජෙනරාල්/සභාපති/ජාතික සංවිධායක/ලේකම් මොකටද මේ? ලෞකික සැප සම්පත් විදින්න. තමන් තමන්ට අදාළ දේ විතරක් කරනවා නම් මේ රට කොච්චර ලස්සන ද? මුලින්ම අපි අපේ ආගමෙන් පටන් ගමු. ගහපියව් මරපියව් කියන අය හුනියම් වශි ගුරුකම් කරලා අහිංසක මිනිස්සු රවට්ටන අය පන්නලා බෞද්ධ භික්ෂුවට බුදු දහම ආරක්ෂා කරන්න සහය වෙමු.