(මහේෂ් කීර්තිරත්න)
උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සඳහා සභා රැස්වීම් ශාලාව ලබාදීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවක් හේතුවෙන් අද(15)පැවති මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්වයක් ඇති විය.
සභාපති(එ.ජ.නි.ස) චේතිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාසික සභා රැස්වීම පැවැත්විණි.
මන්ත්‍රීවරුන් ඇතුලු පිටස්තර පුද්ගලයින් රැසක් මෙම රැස්වීමට පැමිණ ඇති බවත් දේශපාලන කාරණා ගැන සාකච්ඡා කිරීමට ශාලාව භාවිත කිරීමට ඉඩ දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද සභාව වෙත ප්‍රශ්නය යොමු කරමින් මන්ත්‍රී (එ.ජා.ප) අයි.එම්. පාරිස් මහතා කියාසිටියේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක(ශ්‍රී.ල.පො.පෙ) සමන්ත ධර්මසේන මහතා කියා සිටියේ තමන් සභාපතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් නිසි අවසරය රැගෙන රැස්වීම පැවැත් වූ බවත් මන්ත්‍රීවරුන් සහ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අය ඊට සහභාගී වූ බවත් ඉදිරියේදී ඔවුන්ද මන්ත්‍රීවරුන් වශයෙන් මෙම සභාවේ නියෝජනය කරනු ඇති බවත්ය.
විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා සහ මන්ත්‍රී අයි.එම් පාරිස් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවූ අතර සමන්ත ධර්මසේන මහතා කියා සිටියේ සභාවේ වාහන පාවිච්චි කරමින් සිරිකොතට යන බවත් ඒවාද ඉදිරියේදි හෙළි කරන බවත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු ලෙස මෙවැනි සුළු සිද්ධීන් පිළිබඳව කතා කිරීමගැන කනගාටු වන බවත්ය.
සිරිකොතට වාහන රැගෙන නොගිය බවත් සභාවේ වැඩකටයුතු සඳහා වාහන පාවිච්චි කළ බවත් පාරිස් මහතා කියා සිටියේය.
මෙය මින් ඉදිරියට සිදු නොවන බවත් සභාව යතුරු දමා වසා දමන බවත් මහ සභා දිනයට පමණක් විවෘත කරන බවත් උප සභාපති (එ.ජා.ප) ඒ .ජේ නිසාර් මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උකුවෙල ප්‍රා. සභාව උණුසුම් වෙයි