(සිරංගිකා ලොකුකරවිට)
ගිං ගඟ සහ කළු ගඟ අවට ඇතැම් ප්‍රදේශයන්හි සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද උදෑසන වනවිට අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර ගැලීමෙන් නියාගම, තවලම සහ නෙළුව ප්‍රදේශයන්හි සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත.
කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල කුරුවිට සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ රැසක් කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යටවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒම්.ඒම්.ආර්.අලවතුගොඩ මහතා පවසයි.
ගිං ගඟෙහි තවලම ජල මාපකයේ ජල මට්ටම අඟහරුවාදා රාත්‍රී 8.00 වනවිට මීටර 4.92 දක්වා ඉහළ ගොස් තිබූ අතර එය සුළු ගංවතුර මට්ටම වන මීටර 4.5 ඉක්මවා යාමකි.
තවලම මහ ගංවතුර මට්ටම මීටර 6.1කි. කළු ගඟේ රත්නපුර ජල මාපකයේ සුළු ගංවතුර මට්ටම මීටර 7.4ක් වන අතර අඟහරුවාදා රාත්‍රී 8.00 වනවිට ජල මට්ටම එම මට්ටම ඉක්මවා ගොස් ජල මාපකයේ මීටර 7.9ක් ලෙස දැක්විණි. එම ස්ථානයේ මහ ගංවතුර මට්ටම මීටර 9.5ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නෙළුව, තවලම, මාපලගම, හිනිදුව ආදී ප්‍රදේශ රැසක් වැසි ජලයෙන් යටවී තිබූ මාර්ග රැසක් ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව තිබිණි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්