(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ ගාල් කර තිබූ කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු ලොරි රථය සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබූ බේකරි නිෂ්පාදන බෙදා හරින කුඩා ලොරි රථයක් අසලට අද උදෑසන 6.45 ට පමණ පැමිණෙන සැකකරු ප්‍රධාන මාර්ගය අභියස තිබෙන වෑන් රථයක දොරක් විවෘත කිරීමට උත්සහ කර එය අසාර්ථක වූ නිසා වෑන් රථයට ඉදිරියෙන් වූ කුඩා ලොරි රථයේ දොර විවෘත කර එය පන ගැන්වීමට උත්සහ කර ලොරි රථය පන ගැන්වීමට නොහැකි වූ නිසා සැකකරු විසින්ම ලොරි රථය තල්ලු කර පන ගන්වා ලොරි රථය හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගොස් සඟවා ඇත.
ලොරි රථයේ හිමිකරුගෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් ලොරි රථය ගාල් කර තිබූ ස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරුව හඳුනාගෙන පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලොරි රථය සඟවා තිබූ ස්ථානය සොයා ගැනීමට පොලිස් නිලධාරින් සමත් වි ඇත.
සැකකරු හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු බවත් ඔහු 37 හැවිරිදි අයෙකු බවත් පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොරි රථයක් සොරකම් කළ අයෙකු පොලිස් දැලේ