(සිතුම් චතුරංග)
වවුනියාව සේමමඩු රක්ෂිතයේ සිට නීතිවිරෝධී අයුරින් බුරුත දැව ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අද (15) උදෑසන යාපනය - නුවර ඒ 9 මාර්ගයේ තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වවුනියාව පොලිසිය කියයි.
සේමමඩු රක්ෂිතයේ සිදුවන දැව ජාවාරමක් පිළිබඳ වවුනියාව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත පොලිස් මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදී එම මාර්ග බාධක මගහැර ධාවනය කිරීමට උත්සහ කළ කැබ්රථය මෙලෙස අනතුරට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
කැබ් රථයේ නීතිවිරෝධීව කපන ලද බුරුත දැව කඳන් 9 ක් පටවා තිබූ අතර පොලිසිය මඟහැරයෑමට කැබ්රථය අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කිරීමේදී කැබ්රථයේ රෝදයක් ගැලවීගොස් ඇති බව පොලිසිය පවසයි.
කැබ්රථය අනතුරට පත්වීමෙන් පසුව බුරුත දැව කඳන් තොගය රැගෙනයාම සඳහා තවත් කැබ්රථයක් පැමිණ ඇති අතර පොලිසිය පැමිණීමත් සමඟ අනතුරට පත් කැබ්රථයේ රියදුරු ද සමග එම කැබ් රථය පලා ගොස් ඇති බව පොලිසිය කීය.
වවුනියාව පොලිසිය පැවසූයේ දීර්ඝ කාලයක සිට මෙම දැව ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර වවුනියාව ප්‍රදේශයේ දැව මඩු සඳහා මෙලෙස බුරුත දැව කඳන් ප්‍රවාහනය කරන බවය.
අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බවද පොලිසිය පැවසීය.
පැනගිය සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරෙන් බුරුත දැව ප්‍රවාහනය කළ කැබ් රියක් අනතුරකට