(ජේ.කේ.එල් චාමින්ද)
මහ මුහුදේදී හදිසියේ රෝගි වූ ධීවර කාර්මිකයකු ගොඩබිම වෙත රැගෙන විත් වෛද්‍ය ප්‍රථිකාර සඳහා අද (15) කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි.
මෙම ධීවර කාර්මිකයා ඇතුළු ධීවරයින් පිරිසක් මීගමුව, ධීවර වරායෙන් ජූලි මස 26 වන දින‘චතුමිණි 1’ නැමති බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.
ධීවරයෙකු රෝගිව සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාව පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.
ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 155 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගෙන රෝගියා හට මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා එම රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වෙත ලබා දෙන ලදී.
ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්ෂණ රෝහල වෙත යොමු කළ බව නාවික හමුදාව පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහ මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට