(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ පාසල්වල පුරප්පාඩුව පවතින විදුහල්පති තනතුරු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා වසරක් ගතව ඇතත් මෙතෙක් එම පුරප්පාඩු පුරවා නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ මහතා පවසයි.
අනුරාධපුර නගරයේ අද (14) දින පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අසේල විජේසිංහ මහතා මෙසේද පැවසීය.
‘‘උතුරු මැද පළාත් සභාව මගින් පාලනය වන පාසල් 816 ක් තිබෙනවා.මේ පාසල් වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් සඳහා තනතුරු 1017 ක් තිබෙනවා.
මේ පාසල්වල පවතින විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගැසට් නිවේදනයක් මගින් සම්මුඛ පරීක්ෂණයකුත් පවත්වලා මාස 12 කුත් දැන් ගෙවිලා ගිහින්.එහෙත් සුදුසුකම් තිබෙන ගුරුවරු විදුහල්පති තනතුරු වලට මෙතෙක් පත්කරලා නැහැ.
මේ වන විට උතුරු මැද පළාතේ පාසල්වල රාජකාරි ආවරණය කරන ගුරුවරු 385 ක් පමණ සිටිනවා.
මෙම හේතුව නිසා පාසල්වල රාජකාරි කටයුතු වලදී නිවරුදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වීමෙන් ගැටළු රැසක් නිර්මාණයවී තිබෙනවා.පාසල්වල පරිපාලනය කඩාවැටිලා.මේකට හේතුව පළාත් අධ්‍යාපන බලධාරින්ගේ නොසැලකිල්ල.
විදුහල්පතිවරු ලෙස සේවය කිරීමට සුදුසුකම් ලත් ශ්‍රේණිධාරි ගුරුවරු දහසකට අධික පිරිසක් සිටියත් ඔවුන් පුරප්පාඩුවී ඇති විදුහල්පති තනතුරු සඳහා පත් නොකිරීම තේරුම් ගත නොහැකි බවද අසේල විජේසිංහ මහතා මෙහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් අප පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලක බණ්ඩාර මහතා ගෙන් කළ විමසුමේදී හෙතෙම මෙසේ පැවසීය.
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු කිරීම සඳහා තව ඇත්තේ මාස හතරක කාලයක්.මෙම වාර්ෂික ස්ථාන මාරු කිරීම් තුල විදුහල්පතිවරු පත්කිරීමත් ගැටළු සහගතයි.එම නිසා පළාත් ආණ්ඩුකාරවරයාගේත් උපදෙස් ලබා ගෙන ලබන වසරේ මුල් භාගයේදි පමණ විදුහල්පතිවරුන් පත්කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා මෙහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු මැද පාසල්වල විදුහල්පති පුරප්පාඩු රැසක්