(රංජිත් රාජපක්ෂ)
තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් කම්කරු කන්තාවන් හත්දෙනෙකු අද (15) තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසක් මෙසේ තුවාල ලබා ඇත.
තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් කම්කරු කාන්තාවෙකුගේ පයේ ගැටී ඇවිස්සී බඹරු ඇන ඇති බව කාන්තාවෝ පැවසූහ.
පවතින කාලගුණයත් සමග බඹරුන් තේ පඳුරුවල විශාල වශයෙන් කූඩු බැඳ ඇති බව වතු කම්කරු කාන්තාවෝ කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd