(චමිල් රූපසිංහ)
ටිකිරි ඇතින්න දළඳා පෙරහරේ විශ්ණුදේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරලි සිටි බවත් එසේ බිම පෙරලි සිටියේ ඇයගේ වයස තත්වය මත බවත් වෛද්‍ය පරික්ෂණයකට ලක් කර ඇගේ සෞඛ්‍ය තත්වය නිවරදිව කිව හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය මගින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්නක් දළඳා පෙරහැරේ ගමන් කිරිම සම්බන්දව විශාල වශයෙන් විවේචන එල්ල විය.
එම අවස්ථාවේදි ටිකිරි ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා විසින් ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍යය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බවත් පැවසීය.
මහනුවර විෂ්ණු දේවාළය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පෙරහර පමණක් ටිකිරා ඇතින්න ගමන් කළ බවත් ඒ පසුගිය වසරේ පෙරහැරෙන් පසුව ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06 ක පමණ ටිකිරි ඇතින්න පෙඵනු බවත් ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් ඔප්පු කිරීමට මෙවර පෙරහරට එක් වු බවත් සඳහන් කළේය.
මේ වන විට සාමාන්‍ය සතෙකු ලෙස ආහාර පාන ටිකිරි ඇතින්න ආහාර ගන්නා බවත් දිගින් දිගටම මෙසේ සමාජ මාධ්‍ය තුලින් ගෙන යන කතා අසත්‍ය බවත් සියලු සතුන් වයසට යන විටදි තරුණයෙකු මෙන් ක්‍රියාශිලි නොවන බවද තිලකරත්න මහතා කිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ තමයි අපේ කට්ටිය අනාගත්තේ, මෙච්චර කල් දළදා පෙරහරි අලින්ව පාවිච්චි කිරීම ගැන සත්ව හිංසනයට විරුද්දව කතාකරන විදේශිකයන්ගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ, නමුත් මේ සිද්දියෙන් මුළු රටම අපකීර්තියට පත් වුනා. මේක බ්‍රිතාන්‍යයේ පවා ප්‍රසිද්ධ පුවත් පත් ගණනාවකම වාර්තා කරලා තිබ්බා, ඒ ගොල්ලෝ කියල තිබ්බේ තමන්ගේ ඇදහීම් මොකක් උනත් ඒක අසරණ සත්තුන්ගේ පිටේ බලෙන් පටවන්න එපා කියල. ඒ ගැන අපේ සිංහල බෞද්ධයොත් පොඩ්ඩක් හිතුවනම් හරි.