IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සේරක්කුලියේ කලපු ජීවින් හදිසියේ මැරී යන්න අරන්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව සේරක්කුලිය කලපුවේ කලපු ජීවින් විශාල ලෙස මැරී දැල්වල පැටලී ගොඩට එම සිදුවෙමින් තිබෙන බව ධීවරයෝ පවසති.

ධීවරයින් පවසන්නේ සේරක්කුලිය කලපුවේ ධීවර රැකියාවේ නිරත පිරිසගේ දැල්වල පැටලී දෛනිකව මට්ටමින් දහස් ගණනක් ගොඩබිමට ඒම සිදුවන බවයි.

මේ තත්වය දැනට මාසයක සිට සිදුවෙමින් පවතින බවත් දිනෙන් දින එය වැඩිවිමත් සමඟ මේ තත්වය කුමන සිද්ධියක් මත සිදුවන්නේ දැයි තමන් නොදන්නා නිසා බියට පත්ව ඇති බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ධීවරයකු වන ඩබ්ලියු.එන්.වසන්ත මහතා මෙසේ කීය.

“අපි දන්න කාලයේ ඉදලා කරන්නේ ධීවර රස්සාව. එත් කිසිම දවසක කලපුවේ හරි මුහුදේ හරි මුහුදු ජීවින් මැරිලා ඉන්නවා දැකලා නැහැ. නමුත් මේ ටික දවසක ඉදලා කලපු පතුලේ ඉන්න මට්ටි හිතා ගන්න බැරි ප්‍රමාණයක් මැරිලා කටුදැල් වල පැටලිලා ගොඩට එන්න පටන් අරන්. මෙය එච්චර හොඳ දෙයක් නොවන බව අපිට තේරෙනවා. මොකද ලොකු ව්‍යසනයක් ඇතිවෙයි ද කියලා බයකුත් අපිට දැනෙනවා. මේ ගැන අපි වගකිව යුතු බලධාරීන්ට කියන්නේ කරන්න පුළුවන් දෙයක් කඩිනමින් කරන්න' කියලා යැයි ඔහු පවසයි.

ධීවරයකු වන ඩබ්ලියු .ඇන්ටන් තිසේරා මහතා මෙසේ පැවසීය.

“ සේරක්කුලිය කලපුවේ මේ ටික දවසක ඉදලා යම් වෙනසක් වෙනවා. අපිට හිතා ගන්න බැහැ ඇයි කියා. විශාල පරිසර වෙනසක් සිදුව තිබෙනවා . ඇත්තටම අපි කලපු ගිහින් දැල් දාලා පහුවදා දැල් ගොඩගන්න ගිහාම මැරුණ මට්ටි වලින් දැල පිරිලා. මෙය අපිට රස්සාවට හානියක් වෙලා. ඒ නිසා අපේ දැල් ආම්පන්නත් විනාශ වෙනවා. කටු වලට කැපිලා . මේ කලපු තිරය දිගට මැරිලා ගොඩට ගෙනාපු මට්ටි කටු කිලෝ සියගණන් ගොඩ ගහලා. දවසකට එක දැළකට අඩුම තරමින් මේ මට්ටි කටු කිලෝ 50 ක් විතර පැටලිලා ඉවත් කරන්න වෙලා. මේ නිසා ඉක්මණින් කලපුවට වෙලා තිබෙන හානිය සොයා බලන්න කියලා තමයි අපි ඉල්ලීම් කරන්නේ' යැයි ඔහු පවසයි.

මේ පිළිබඳව නාරා ආයතනයේ අභ්‍යන්තර ජල ජීවි වගා අධ්‍යයන  අංශයේ ආචාර්ය වසන්තා පහළපත්ත ආරච්චි මහත්මියගෙන් කළ විමසිමේදී පවසා සිටියේ මෙවැන්නකී.

“ දැනට මාව දැනුවත් කළ තොරතුරු අනුව අපිට හිතා ගන්න අමාරුයි සිදුව තිබෙන තත්වය මොකක්ද කියලා . නමුත් ලොකු සිද්ධියක් බව තේරුම් යනවා. මම කඩිනමින් මේ ගැන සොයා බලන්න අපේ විශේෂ කණ්ඩායමක් සේරක්කුලියට එවන්න කටයුතු කරන්නම්. ඇත්තටම මට්ටි මැරි යාම සිදුවන්නේ කලපුවට විශාල ලෙස අලුත් ජලය මුසු වු තත්වයකින්. නමුත් ඒ තරම් වර්ෂාවක් නැතුව මේ තත්වය සිදුවිම අපිටත් හිතා ගන්න අමාරුයි . අපි කඩිනමින් මෙය සොයා බලනවා' යැයි ඇය පැවසීය.



අදහස් (0)

සේරක්කුලියේ කලපු ජීවින් හදිසියේ මැරී යන්න අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32426 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14922 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9895 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 386 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site