(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව ටින්සින් නගරයේ ව්‍යාපාරිකයෝ සහ ප්‍රදේශවාසීහු එක් ව අද (15) උද්ඝෝෂණයක නිතරවූහ.
මේ හේතුවෙන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් ඇන හිට තිබුණි.
බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි හින්දු සංස්කෘතික ශාලාවේ පාලක සභාවට නොදන්වා, කිසිදු අනුමැතියකින් තොරව, මීට මාස දෙකකට පෙර නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නොර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලය ස්ථාපනය කළ බව පවසමින් එම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ.
අලුතින් පිහිටුවන ලද නොර්වුඩ් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය කාලයක් තිස්සේ නොර්වුඩ් පුලියාවත්ත නගරයේ පුස්තකාල ගොඩනැගිල්ලේ පවත්වාගෙන ආ අතර පසුව ප්‍රධාන කාර්යාලය බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි සංස්කෘතික ශාලාව වෙත තාවකාලිකව රැගෙන ඒමට එම ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කොලන්දවේල් මහතා පසුගිය දා කටයුතු කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හින්දු සංස්කෘතික අමාත්‍යංශය විසින් ඉල්ලා ඇත. එම ඉල්ලීමට අදාළ පරීක්ෂණය නොපවත්වා ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීමක් මත එම පරීක්ෂණය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සිදු නොකරන බවටද උද්ඝෝෂණයේ නියැලි සිටි පිරිස චෝදනා කළහ.
ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා කියා සිටියේ තමන් නීත්‍යනුකූලව නොර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව ටින්සින් සංස්කෘතික ශාලාවේ ස්ථාපනය කළ බවය.




2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක