(ක.ග.කරුණාරත්න සහ ඩබ්. ඒ. පියතිලක)
කැලෑවේ අතරමං වූ කුඩා ඇත් පැටවෙක් මඩවලක එරී දින ගණනාවක් නිරාහාරව සිටියදී සෝමාවතිය වනෝද්‍යානයෙන් හමුවූ බව වනජීවී නිලධාරීහු කියති.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පෙරියආරු ගඟෙන් එගොඩ මූකලන්පටිටිය කොටසේ මඩ වගුරක මේ ඇත් පැටවා එරී සිටිනු ප‍්‍රදේශවාසීන් පිරිසක් දැක ඒබව පුලස්තිගම ශ්‍රී ශාඛ්‍යබිමිබාරාමාධිපති යටිහලගල උපතිස්ස හිමියන්ට දැනම් දී තිබේ. පසුව උන් වහන්සේ පුලස්තිගම පොලීසියට සහ සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දන්වා සියලුම දෙනා සමඟ ගොස් ඇත් පැටවා මඩ වගුරෙන් ගොඩට ගෙන ඇත.
නිරාහාරව සිටීම නිසා දුර්වල තත්වයේ පසුවූ ඇත් පැටවා ප‍්‍රදේශවාසීන්ගේද සහය ඇතිව විහාරස්ථානයට රැගෙනවිත් අවශය ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගත් බව වනජීවී නිලධාරීහු පැවසූහ.
වයස අවුරුදු එකහමාරක් පමණ වන මේ ඇත් පැටවා විහාරාධිපති හිමියන්ගේ මඟ පෙන්වීම සහ කැපවීම මත මෙසේ රැගෙනවිත් ප‍්‍රතිකාර ලබාදීමට හැකිවූ බවද ඔවුහු කීහ.



(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක)

(ඡායාරූපය - කරුණාරත්න ගමගේ )
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අසනීප වූ ඇත් පැටවාගේ දිවි බේරන්න පුලස්තිගම වැසියෝ සටනක