(ක.ග.කරුණාරත්න සහ ඩබ්. ඒ. පියතිලක)
කැලෑවේ අතරමං වූ කුඩා ඇත් පැටවෙක් මඩවලක එරී දින ගණනාවක් නිරාහාරව සිටියදී සෝමාවතිය වනෝද්‍යානයෙන් හමුවූ බව වනජීවී නිලධාරීහු කියති.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පෙරියආරු ගඟෙන් එගොඩ මූකලන්පටිටිය කොටසේ මඩ වගුරක මේ ඇත් පැටවා එරී සිටිනු ප‍්‍රදේශවාසීන් පිරිසක් දැක ඒබව පුලස්තිගම ශ්‍රී ශාඛ්‍යබිමිබාරාමාධිපති යටිහලගල උපතිස්ස හිමියන්ට දැනම් දී තිබේ. පසුව උන් වහන්සේ පුලස්තිගම පොලීසියට සහ සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දන්වා සියලුම දෙනා සමඟ ගොස් ඇත් පැටවා මඩ වගුරෙන් ගොඩට ගෙන ඇත.
නිරාහාරව සිටීම නිසා දුර්වල තත්වයේ පසුවූ ඇත් පැටවා ප‍්‍රදේශවාසීන්ගේද සහය ඇතිව විහාරස්ථානයට රැගෙනවිත් අවශය ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගත් බව වනජීවී නිලධාරීහු පැවසූහ.
වයස අවුරුදු එකහමාරක් පමණ වන මේ ඇත් පැටවා විහාරාධිපති හිමියන්ගේ මඟ පෙන්වීම සහ කැපවීම මත මෙසේ රැගෙනවිත් ප‍්‍රතිකාර ලබාදීමට හැකිවූ බවද ඔවුහු කීහ.



(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක)

(ඡායාරූපය - කරුණාරත්න ගමගේ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd