(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මන්නාරම මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අද (14) සවස යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකී. මොවුන් එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ ඥාති නිවසකට ගොස් ආපසු මදුරන්කුලිය බලා ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇති බව කියයි.
තුවාල ලැබු තරුණයින් පුත්තලම මූලික රෝහලට ප්‍රථිකාර සඳහා රැගෙන ගොස් තිබුණී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd