(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - අකුරම්බඩ ප්‍රදේශයේ දී වෙඩි වැදී තුවාල ලබා සිටියේ යැයි සැක කරන ලද වන අලියා අද (14) පස්වරුවේ මිය ගිය බව වන ජීවි දෙපාර්තමේන්තුව කියයි.
ඊයේ (13) අලුයම් කාලයේ දී අකුරම්බඩ - දල්ලන්ද ප්‍රදේශයේ වගා බිමක් ආසන්නයේ වේදනාවෙන් පසුවන වයස අවුරුදු 42 – 45 අතර වන අලියෙකු සම්බන්ධයෙන් වන ජීවි නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
අද උදෑසන වනවිට අලියාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අක්‍රමවත් වී තිබූ බව ඇළහැර වනසත්ව අඩවි ආරක්ෂක රංජිත් කේ. විජිත මහතා පැවසීය.
අලියාගේ සිරුර පොළොවට යටවූ කොටසින් ලේ වහනය වූ බවද, එසේ තුවාල ලැබීමට හේතුව වෙඩි වැදීමක්දැයි යන්න සොයාබැලීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු කීය.
ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු කැඳවීමට අවශ්‍ය පියවර ගත් බවත් පස්වරු 2. 30 දක්වා ද එම ස්ථානයට වෛද්‍යවරයෙකු පැමිණ නොසිටි බවද ප්‍රදේශවාසීහු කියා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අලින් ජාතික සම්පතක් සේ සලකලා මෙලෙස අලින්ව ඝාතනය කරන අයට මරණ දඬුවම දෙන්න කාලේ හරි, මොකද මේ අලි ටික නැති උනොත් අපිට ගොඩක් දේවල් නැති වෙනවා