(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කිතුල් ගසක් ගොඩනැගිල්ලකට කඩා වැටී ගොඩනැගිල්ල තුළ කැටයම් කපමින් සිටි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
බෝපෙ පෝද්දල කලේගාන මාම්පිටිය කයිනේරු කන්දට අද (09) පස්වරුවේ පැවති වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබේ.
හතලිස්තුන් හැවිරිදි විවාහකයෙකු වු තුවාල ලැබූ තැනැත්තාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය සහ ගාල්ල ආපදා කලමනාකරණ ඒකකය පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd