(ක.ග.කරුණාරත්න)
දිඹුලාගල, මහඋල්පත ප්‍රදේශයේ වෙල්යායක් අසල කුණුඇළක තිබී විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් අද (11) හමුවූ බව අරලගංවිල පොලසිය පවසයි.
කිසිවෙකු විසින් එය මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇතැයි සැක පළ කරන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අධිකරණ නියෝග මත බෝම්බ නිෂ්ක‍්‍රීය අංශයේ නිලධාරීන් මගින් විනාශ කර දැමීමට පියවර ගන්නා බව නිලධරෙයක් කීය.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd